සැකකරුවකුගේ මරණය සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන්වූ පොලිස් නිලධාරීන් 5 දෙනකුට අද(30දා) පානදුර මහාධිකරණ විනිසුරු සරෝජිනී කුසලා වීරවර්ධන මහත්මිය මරණ දඬුවම් නියම කළේය.
කොල්ලකෑමේ චෝදනාවක් මත1990-6-1 වැනිදා පානදුර විශේෂ අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට පත් සැකකරුවෙකු පොලිස් නිලධාරියෙකුගේ ගිනි අවියක් ක්රියාත්මක වීමෙන් මරණයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ ඥාතීන් කළ පැමිණිල්ලකට අනුව අදාල සැකකරුවන් වැරදිකරුවන් කෙරිණි.
ඒ අනුව නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වීම සහ මිනී මැරීම යන චෝදනා යටතේ සැකකරුවන්ට එරෙහි චෝදනා ඔප්පුවී ඇතැයි ප්රකාශ කළ පානදුර මහාධිකරණ විනිසුරුවරිය පළමු චෝදනාව සඳහා ඔවුන්ට මාස 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් හා රුපියල් 5000 බැගින් වූ දඩ නියම කළ අතර දෙවැනි චෝදනාව සඳහා මරණීය දණ්ඩනය නියම කළේය.