වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය එකමුතුව විසින් කොටුව දුම්රියපොළ ඉදිරිපිට අරඹා ඇති සයිටම් විරෝධී සත්‍යග්‍රහය ඉවත් කරන ලෙසට කොටුව පොලීසිය විසින් අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.
දුම්රිය දෙපාර්තමේන්තුවට අයක් ඉඩමකට බලහත්කාරයෙන් ඇතුළුවීමක් සිදුව ඇතැයි මෙහිදී පොලීසිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය.
උද්ඝෝෂණය කිරීමේ හා අදහස් ප්‍රකාශ කිරීමේ මූලික මිනිස් අයිතිය යටතේ මෙම සත්‍යග්‍රහය පවත්වාගෙන යන බව වගඋත්තරකරුවන් 12 දෙනෙකු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා විසින් පෙන්වා දුන් අවස්ථවේදී කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය මෙම පස්වැනිදා දක්වා සත්‍යග්‍රහය පවත්වාගන යෑමට අවසර ලබාදුන්නාය.
මෙම සත්‍යග්‍රහය මූලික මිනිස් අයිතියක් බව පිළිගන්නා බව පැවසූ මහේස්ත්‍රාත්වරිය සත්‍යග්‍රහය ඉවත් කරන දිනයක් පවසන ලෙසට දන්වා සිටි අවස්ථාවේදී නීතිඥ නුවන් බෝපගේ මහතා සඳහන් කළේ මෙය 05 වැනිදා දක්වා පමණක් පවත්වාගෙන යන බවයි.
ඒ අනුව එදින සවස 6.00ට පෙර අට්ටාලය ඉවත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.
මේ අතර පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා සඳහන් කළේ සයිටම් විරෝධී සිසු ජන ව්‍යාපාරය විසින් ලබන පස්වැනිදා නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී දැවැන්ත රැලියක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි.
කිරුළපන මංසන්ධිය,විජේරාම මංසන්ධිය,කළුබෝවිල රෝහල අසල සිට ආරම්භ වන පාගමන් තුනකින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, දෙමාපියන්, වෘත්තිය සමිති මෙම රැලියට එක්වන බවද හෙතෙම කීවේය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් එදිනට වැඩවර්ජනයක් පවත්වන බවද ජයගොඩ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.