කුරුණෑගල හෝටලයක් පරීක්ෂා කිරීමට යාමේදී පොලිස් නිලධාරියෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීමේ ප්රධාන සැකකරු වන ඩී.කේ. චමින්ද නමැත්තා පොලීසිය සමග සිදුවූ වෙඩි හුවමාරුවකදී අද (27දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි හම්බන්තොට පොලීසිය සඳහන් කරයි.
කොළඹින් පැමිණි විශේෂ පොලිස් කණ්ඩායමක් ඔහුව අත්අඩංගුවට ගැනීමට යෑමේදී මෙම වෙඩි හුවමාරුව සිදුව ඇති අතර, මේ ගැටුමින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද තුවාල ලබා හම්බන්තොට රෝහලට ඇතුළත් කර ඇතැයි පොලීසිය පවසයි.
