ලන්ච්ෂීට්, ටොෆි කොළ හාපොලිතින් රටතුළ භාවිතය සම්පූර්ණයෙන්ම තහනම් කිරීම පිළිබඳරජයේ අවධානය යොමු වී තිබේ.
කැළි කසළ විධිමත්ව බැහැර කිරීමේදී මෙම ද්‍රව්‍ය හරහා විශාල බලපෑමක් එල්ලවී තිබෙන හෙයින් සහ ජලය ගලා යන ස්ථානවලට බාධා එල්ලවීම වැනි කරුණු හේතුවෙන් මෙම තීරණය ගැනීමට සැලසුම් කර තිබේ.
මෙම ද්‍රව්‍ය තහනම් කළ පසු ඒ සඳහා විකල්ප ද්‍රව්‍ය හඳුන්වාදීමටත්, අදාළ ද්‍රව්‍ය සුළුකාලයක් තුළ දිරාපත්වන ආකාරයට සකස් කිරීමටත් යෝජනා වී ඇත.
පෙරේදා (03දා) රාත්‍රි‘යේ පැවැති ආණ්ඩු පක්ෂ මන්ත්‍රීකණ්ඩායම් රැස්වීමේදීත් මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
දැනට භාවිත වන පොලිතින් ලන්ච්ෂීට් සහ ටොෆි කොළ දිරාපත් වීමට කාලයක් ගතවීම නිසා කැළි කසළ කඳු ඇතිවීමට හේතුවී ඇතැයිද තහවුරු වී තිබේ.