ජනතාවට ලබාදුන් පොරොන්දු කඩකර ව්‍යවස්ථා සංශෝධන කිරීමට ජනාධිපතිවරයාට අයිතියක් නොමැති බව රාජගිරිය ජයශේඛරාරාමයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා මහාසභාවේ සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ අදඩ (06දා) පැවසූහ.
ව්‍යවස්ථා සංශෝධනයේදී ජනමත විචාරණයකට තුඩුදිය හැකි සංශෝධන නොකරන බවට පසුගිය ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට සහතිකයක් ලබාදී තිබෙන බවත්, රාජ්‍ය නොවන සංවිධානවලට උවමනා පරිදි ව්‍යවස්ථා සංශෝධන කිරීමට ඉඩ ලබා නොදෙන බවත් උන්වහන්සේ ප්‍රකාශ කළහ.
ව්‍යස්ථා සංශෝධන සිදුකිරීමේදී ඛේදවාචකවලින් අවසන් වූ ලෝකයේ රටවල් බොහෝ ගණනක් තිබෙන බවත්, ලංකාවේ එවැනි තත්ත්වයක් නිර්මාණය නොකිරීමට ජනාධිපතිවරයා වගබලා ගත යුතු බවත් අතුරලියේ රතන හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.