ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා අලුත් පක්ෂයක් සකස් කරන බවට කෙකර ගගා නොසිට හැකි නම් අලුත් පක්ෂයක් සකස් කර පෙන්වන ලෙස මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු පිරිසගෙන් ඉල්ලා සිටින බව උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න මහතා සඳහන් කළේය.
මීගමුවේ පැවැති සම්මේලනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 1401 ක් පැමිණි බවට සඳහන් කළත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පළාත් පාලන ආයතන නියෝජිතයන් 2297 ක් තුනෙන් එකක්වත් එයට සහභාගි නොවූ බවද ඔහු පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කඩා අලුත් පක්ෂයක් සකස් කරන බවට උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, විමල් වීරවංශ, දිනේෂ් ගුණවර්ධන මහත්වරුන් ඇතුළු පිරිස් සඳහන් කළත්, එම පිරිස් ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් නොවන බවද හෙතෙම සඳහන් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර පක්ෂයක් සකස් කළ පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහයෝගය දක්වන ගොඩ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ගොඩ කොතරම්ද යන්න දැකගත හැකි බවද ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේය.
අද (17දා) ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රධාන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.