පේදුරුතුඩුව ප්‍රදේශයේදී අණ නොතකා ධාවනය කළ වැලි ප්‍රවාහනය කළ ලොරි රථයකට වෙඩි තැබීමේදී පොලිස් නිලධාරීන් දෙදෙනා බලය ඉක්මවා කටයුතු කර තිබෙන බවට සිදුකළ පරීක්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතිඥ රුවන් ගුණසේකර මහතා සඳහන් කළේය.
වෙඩි තැබීමේදී භාවිත කළයුතු ක්‍රමවේද තිබෙන බවත්, මෙම ක්‍රමවේද අනුගමනය කර තිබේද යන්න මහේස්ත්‍රාත් අධිකරණ පරීක්ෂණයේදී තහවුරු වන බවත් අද (10දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී හෙතෙම සඳහන් කළේය.
එම නිලධාරීන් දෙදෙනා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේ එම චෝදනාව මත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසා සිටියේය.