පොලිස් අණ නොතකා ධාවනය කළ ටිපර් රථයට පේදුරුතුඩුවේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් පේදුරුතුඩුව පොලිස් ස්ථානයට අනියුක්තව සේවය කළ පොලිස් නිලධාරින් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.
වෙඩි තැබීමෙන් ටිපර් රථයේ රියදුරු ජිවිතක්ෂයට පත්විය.මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයෙකු හා පොලිස් කොස්තාපල්වරයෙකි. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.