පුද්ගල වෙළෙඳාම වැළැක්වීමට කටයුතු කරන රටවල් අතර ශ්‍රී ලංකාව මේ වනවිට දෙවැනි මට්ටමේ කටයුතු කරන රටක් බවට පත්ව ඇති බවත්, එය රට ලබාගත් ජයග්‍රහණයක් බවත් අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළේය.
ගෙවීගිය වසර හතර පුරා ශ්‍රී ලංකාව පැවතියේ දෙවැනි මට්ටමේ අධිකරණ ලැයිස්තුවේ බවත්, එම කාලයේ ඉතාමත් අවදානම් තත්ත්වයකට රට පත්ව තිබූ බවත් ඔහු පවසා සිටියේය.
යම් ලෙසකින් එම මට්ටම තුන්වැනි මට්ටමට පත් වූවානම් ජාත්‍යන්තරයෙන් ලැබෙන බොහෝ දේවල් නොලැබී යන බවද අද (29දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.