පුත්තලම දිස්ත්රික්කයට බලපා ඇති නියං තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් දිස්ත්රික්කයේ ජල මූලාශ සිඳීයාමේ අවදානමක් පවතින බව පුත්තලම දිස්ත්රික් ලේකම් එන් .එම්.එන් .චිත්රාන්නද මහතා කියයි.
නියං තත්ත්වය ඉතා දරුණු අන්දමින් පවතින බවත් දැනට ජලය ලබාගන්නා ළිං වල ජල මට්ටම ශීඝ්ර ලෙස අඩුවෙමින් පැවතීම නිසා ඉදිරියේදී වැසි නොලැබුණහොත් ජල මූලාශ සිඳීයාමේ දැඩි අවදානමක් පවතින බවද හෙතෙම පැවසීය.
නියඟය හේතුවෙන් දිස්ත්රික්කයේ පවුල් 26418 ක සාමාජිකයන් 92,449 පීඩාවට පත්ව ඇති බවද එය පසුගිය සතියට වඩා වැඩිවීමක් බවද ඔහු අනාවරණය කර සිටියේය.
උත්ගතව ඇති තත්ත්වය මත වන සතුන් මේ වන විට ජලය සොයමින් ගම්මාන වෙත සේන්දු වන බවත් ඇතැම් විට එම වන සතුන් මස් වැද්දන්ගේ ගොදුරු බවට පත්ව තිබෙන බවද වාර්තාවේ.