පිළියන්දල ප්‍රදේශයේදී පසුගිය මැයි මස 09 වැනිදා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තබා පොලිස් නිලධාරියෙකු සහ කුඩා දැරියක ඝාතනය කිරීමේ සිදුවීම මෙන්ම තවත් පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට හා සිවිල් වැසියන්ට තුවාල සිදුකිරීමේ සිදුවීමට අදාළ සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (29දා) අත්අඩංගුවට ගත් බව මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.
ඒ අනුව මෙම සිදුවීමට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ කැස්බෑව ප්‍රදේශයේදී එක් සැකකරුවෙකුද, පිළියන්දල ප්‍රදේශයේදී අනෙක් සැකකරුද අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් පිළියන්දල සහ කැස්බෑව ප්‍රදේශවල පදිංචි 57 හා 31යන වයස්වල පසුවන්නන්ය.
මේ අනුව සිදුකළ විමර්ශනවලදී සිදුවීමට යොදාගන්නා ලද මෝටර් රථයක් සහ ටිපර් රථයක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අද (30දා) කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර, සිදුවීම සම්බන්ධයෙන් මිරිහාන පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.