පිළියන්දල ප්‍රධාන සැකකරුවන් සොයා විශේෂ මෙහෙයුමක්
පිළියන්දල ප්‍ර‘දේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට වෙඩි තැබීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
මෙතෙක් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් ලබාගත් ප්‍රකාශ මත මෙම මෙහෙයුම දියත්කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 10 වනදින අත්අඩංගුවට ගත් සැකකරු අදාළ වෙඩි තැබීම සඳහා පැමිණෙන සැකකරුවන්ට යතුරුපැදිය මිලදී ගෙන දී තිබෙන බවට හෙළිවී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.
වයස අවුරුදු 49ක් වන මෙම පුද්ගලයා රඹුක්කන ප්‍ර‘දේශයේ පදිංචිකරුවකු වන අතර, මානුෂීය ඝාතනයක් කිරීමට කුමන්ත්‍රණය කිරීමට ආධාර අනුබල ලබාදීම යටතේ කැකිරාව බස් නැවතුම්පොළේදී ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ. මිරිහාන විශේෂ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරුට එරෙහිව කොල්ලකෑම් සම්බන්ධයෙන් බලපිටිය, හෝමාගම අධිකරණවල නඩු පවතින බවද පොලිස් මූලස්ථානයසඳහන් කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

