තමාගේ පිළිකා රෝගයට ප්‍රතිකාර ලබාගැනීමට ජනාධිපති අරමුදලෙන් මුදල් ඉල්ලා සිටි අවස්ථාවේදී වත්මන් ආණ්ඩුවේ ඉහළම අයෙකුගේ නියෝගයක් මත වසර දෙකක් ගතවනතුරු එම මුදල් ලබානොදුන් බව අන්තර් ආගමික සන්ධානයේ සමසභාපති සරත් හෙට්ටිආරච්චි පියතුමා අද (26) පවසා සිටියහ.
පසුගිය රජය සමයේදී ජනාධිපති කාර්යාලයේ ක්‍රිස්තියානි කටයුතු අධ්යක්ෂවරයා ලෙස තමන් සිදුකළ සේවය පවා නොසලකා හරිමින් එම තීරණය ගෙන තිබුණු බවද හෙට්ටිආරච්චි පියතුමා සඳහන් කළහ.
පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පවසා සිටියේය.