(VIDEO) කලක් තිස්සේ මුදල් පසුම්බි සොරාගැනීමේ නිරතව සිටි කාන්තාවක පේරාදෙණිය ඓතිහාසික ගැටඹේ විහාරයේදී මුදල් පසුම්බියක් සොරාගත් කාන්තාවක් අත්අඩංගුවට ගත් බව පේරාදෙණිය පොලීසිය කියයි.
මහනුවර රෝහලෙන් ප්රතිකාර ගැනීම සඳහා කෑගල්ල ප්රදේශයේ සිට පැමිණි කාන්තාවක් පෙරේදා (12) පෙරවරු කාලයේ පේරාදෙණිය ඓතිහාසික ගැටඹේ විහාරයට බුදුන් වැඳීමට ගොස් තිබේ.
ඇය බුදුන් වැඳ එළියට පැමිණෙන මොහොතේ තමාගේ මුදල් පසුම්බිය නොමැති බව දැනගෙන ඇති අතර, ඒ බව ගැටඹේ විහාරාධිපති නාහිමියන්ඇතුඵ හිමිවරුන්ට පවසා ඇත.ඉන්පසු විහාරයේ සී.සී.ටී.වී. දර්ශන පිරික්සීමේදීමුදල් පසුම්බිය හිමි කාන්තාව සමග පිටුපසින් කාන්තාවක් යන අයුරුත්, ඇය විහාරය තුළ සිට මුදල් පසුම්බිය අතින් රැගෙන කිහිල්ලේ ගසාගෙන එන අයුරුත් නිරීක්ෂණය වී තිබේ.
පොලිසිය විසින් කටුගස්තොට පදිංචි මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගෙන ඊයේ (13දා) මහනුවර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන හෙට (15දා) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
VIDEO