නාය යාමේ අනතුරකට ලක්ව ඇති ඓතිහාසික පාහියංගල ලෙන පිළිබඳව විෂය භාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ අවධානය යොමුව තිබේ.
ආසියාවේ ඉපැරණි ම ජනාවාසයක් සේ සැලකෙන පාහියන්ගල ලෙන පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් නාය යාමේ අවධානමකට ලක්ව ඇති බව මාධ්‍ය මගින් අණාවරණය කෙරිණි.
අදාළ නිලධාරීන්ට උපදෙස් දෙමින් අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කර ඇත්තේ ඒ පිළිබඳව වහාම මැදිහත්වන ලෙස හා එහිදී ගනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳව කඩිනමින් තමා දැනුවත් කරන ලෙසයි.
පාහියන්ගල ප්‍රදේශයේ පිහිටි මෙම ගල්ලෙන මෙරට පිහිටි විශාලත ම ගල් ලෙන වන අතර වසර 58,000 ක ප්රාග් ඓතිහාසික අතීතයකට හිමිකම් කියයි.