පාසල් සිසුන්ට මත් බෙහෙත් විකුණු අයෙක් අත්අඩංගුවට
කිලිනොච්චිය නගර මධ්‍යයේ පිහිටි පාසලක සිසුන්ට මත් බෙහෙත් වර්ග විකිණූ අයෙක් ඉරණමඩු ප්‍රදේශයේදී ඊයේ (11දා) අත්අඩංගුවට ගත් බව කිලිනොච්චිය පොලීසිය පවසයි.
කිලිනොච්චිය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් වැලිකන්න මහතා වෙතට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂණයකදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
කිලිනොච්චිය නගරයේ පිහිටි පාසල් සිසුන් විවිධ අයුරින් රවටා ඔවුන් මෙම මත් බෙහෙත්වලට ඇබ්බහි කොට විවිධ දුරාචාරයන්ට යොමු කිරීමටත් මත් පෙති මිලට ගැනීමට විවිධ මිල ගණන් යටතේ සිසුන්ගේ අත්අඩංගුවට පත් පුද්ගලයා මුදල් ලබාගෙන ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.
ඉරණමඩු ප්‍රදේශයේදී අදාළ සැකකරු අත්අඩංගුව පත්වන අවස්ථාවේද ඔහු සමීපයේ විවිධ මත්ද්‍රව්‍ය අඩංගු රසකාරකයන් රැසක් පොලිස් බාරයට ගෙන තිබේ.
සැකකරු කිලිනොච්චිය අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

