ගංවතුර හා නායයාම් මගින් ආපදාවට පත් ප්‍රදේශයන් තුළ පාසල් යළි ආරම්භ කිරීමට හැකියාවක් පවතීද යන්න හෙට (02දා) දිනයේදී ප්‍රකාශ කරන බව අධ්‍යපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ප්‍රකාශ කළේය.
දිස්ත්‍රික්ක 08ක පාසල් මේ වන විට වසා දමා ඇති අතර, ආපදාවට ලක්වූ ප්‍රදේශයන් තුළ පිහිටි පාසල් යථා තත්ත්වයට පත්කරමින් පවතින බවද අමාත්‍යවරය කීවේය. යම් හෙයකින් විවෘත කිරීමට නොහැකි තත්ත්වයේ පාසල් තිබුණහොත් එම පාසල් සඳහා නිවාඩුව දීර්ඝ කිරීමට සිදුවනු ඇති බවද අමාත්‍යවරයා පැවසුවේ අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.