වවුනියාව ශ්‍රී රාම්පුරම් තිරුඥාන සම්බන්දර් පාසලට පැමිණි දුර්ලභ ඝනයේ දිය බල්ලෙකු ඊයේ (04දා) මියගොස් ඇති බවට වවුනියාව වනජීවී නිලධාරීහු කියා සිටියහ.
හදිසියේම පාසල් ක්‍රීඩාංගණයට පැමිණ ඇති මෙම සත්ත්වයාට බිය වූ සිසුන් පිරිසක් පහරදී ඇති අතර එම පහරදීමෙන් සිහිසුන් වූ පසු පාසලේ පිහිටි ජල ටැංකියකට දමා ඇති බව වනජීවී නිලධාරීහු පැවසූහ
ඉන් අනතුරුව මේ පිළිබඳව වව්නියාව වනජීවි නිලධාරීන් දැනුවත් කොට ඇති අතර පසුව එම ස්ථානයට ගිය වනජීවී නිලධාරීන් අදාළ දිය බල්ලා රැගෙන ගොස් ඇත.
සිහිසුන්ව සිටි එම සත්ත්වයා රැගෙනයාමෙන් අනතුරුව වනජීවී නිලධාරීන් විසින් ඉක්මන් ප්‍රතිකාර සිදු කළද පාසල් ක්‍රීඩාංගණයට පැමිණීමට පෙර සුනඛයන් සපා කෑමෙන් හා පාසල් ළමුන්ගේ පහරදීමෙන් තුවාල සිදුවීම නිසා බරපතළ තත්ත්වයේ පසුවූ දිය බල්ලාගේ ජීවිතය බේරා ගැනීමට වවුනියාව වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයක් දැරුවද එය අසාර්ථක තිබේ.
දුර්ලභ ඝනයේ සත්ත්වයෙකු සැලකෙන මෙම දිය බල්ලා වව්නියාවට පැමිණියේ කෙසේදැයි සිතා ගත නොහැකි බවත් සාමාන්‍යයෙන් වවුනියාව වැනි රක්ෂිත කැලෑවල මෙවැනි සතුන් මීට පෙර හමු වී නොමැති බවද වනජීවී නිලධාරීහු පවසති.