සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට විරෝධය දක්වමින් ඊයේ (21දා) සෞඛ්‍ය අමාත්‍යාංශය දක්වා පාගමනින් ගිය සරසවි සිසුන්ට පොලීසිය විසින් සිදුකරන ලද පහර දීමට විරෝධය දක්වා අද (22දා) පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුහු පිරිසක් ගලහ මංසන්ධියේදී විරෝධතාවක නිරතවූහ.
ඔවුහු මාර්ගය මධ්‍යයේ ටයර් පුළුස්සා විරෝධතාව පළකළ අතර, ඒ හේතුවෙන් එම මාර්ගයේ එක් මංතීරුවක් මුළුමනින්ම අවහිර වී තිබිණි.
පේරාදෙණිය - සෙනරත් බණ්ඩාර