පාකිස්තාන අග්‍රාමාත්‍ය නවාෂ් ශරීෆ් මහතා ජනවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එහිදී දෙපාර්ශ්වය අතර ගිවිසුම් 10ක් අත්සන් කිරීමට නියමිත බවත් මුදල් විශුද්ධීකරණය හා ත්‍රස්තවාදය සඳහා මුදල් එක් කිරීම වැළැක්වීම අැතුළු ගිවිසුම් කිහිපයකටත් එහිදී අත්සන් කිරීමට නියමිතය.
ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජනපතිධුරයට පත්වීමෙන් පසුව පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙය වන අතර 2013 වසරේ ශ්‍රී ලංකාවේ පැවැති පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට එක්වීමට නවාස් ෂරීෆ් මහතා ශ්‍රී ලංකාවට පැමිණියේය.