රාගම කඩවත මාර්ගයේ පිහිටි පෞද්ගලික ආයතනයකට අයත් රුපියල් ලක්ෂ 80ක පමණ මුදලක් අද (26දා) වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී මොටර් රථයකින් පැමිණි දෙදෙනෙකු කොල්ලකා පලාගොස් ඇතැයි රාගම පොලීසිය පවසයි.එහිදී ඔවුන් වෑන්රිය ලුහුබැඳ, වෑන් රථයේ මග අහුරා, ගිනිඅවි පෙන්වා, මෙම මුදල් කොල්ල කෑම සිදුකර තිබේ.
ලංකාවේ ප්රසිද්ධ නිමි ඇඳුම් අළෙවි ආයතනයකට අයත් මෙම මුදල් වත්තල ප්රදේශයේ පිහිටි එම ආයතනයේ සිට කඩවත පිහිටි ශාඛා ආයතනයට වෑන් රථයකින් රැගෙන යමින් තිබියදී මෙසේ කොල්ල කා ඇත.
කොල්ල කෑමෙන් පසු කොල්ලකරුවන් වෑන් රථයේ රෝද දෙකට වෙඩි තබා මුදල් බෑගය රැගෙන මෝටර් රථයට නැග කඩවත දෙසට පලාගොස් තිබේ. මෝටර් රථයේ කොල්ලකරුවන් සිව් දෙනෙකු පමණ සිට ඇතැයි පොලීසිය සැක කරයි.
නිමි ඇඳුම් අලෙවි ආයතනයට අයත් වෑන් රථයේ මුදල් සමග රියදුරු හා සහයක කෙනෙකු පමණක් පැමිණ ඇති බවට වාර්තාවේ. රාගම පොලිස් ස්ථානයේ වැඩ බලන පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඩබ්. එම්.ජේ.එම්. ගුණසේකර මහතා සහ අපරාධ අංශයේ ස්ථානාධිපති උ.පො.ප. කැළුම් බණ්ඩාර ඇතුළු නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වති.
කදාන - රුක්මන් /වත්තල - මාලිකා දමයන්ති