ඇමෙරිකාවේ ශ්රී ලංකා තානාපති ප්රසාද් කාරියවසම් මහතා සිවුවැනි අවස්ථාවටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විගමණික ශ්රමිකයන් පිළිබඳව කමිටුවට ඡන්දයෙන් තේරී පත්ව තිබේ.
2004 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් මෙම කමිටුව ස්ථාපිත කළ අතර එතැන් පටන් ඔහු එම කමිටුවේ සාමාජිකයෙකු ලෙස පත්ව තිබේ. එසේම විගමණික ශ්රමිකයන්ගේ කමිටුවේ පළමු සභාපති වශයෙන්ද ප්රසාද් කාරියවසම් මහතා කටයුතු කළේය.
නිව්යෝක් නුවර පිහිටි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී ඊයේ (28දා) මෙම ඡන්ද විමසීම පැවැත්විණ. විගමණික ශ්රමිකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම සඳහා කමිටුව ස්ථාපිත කොට තිබේ.
නව කමිටු සාමාජිකයන් 7 දෙනෙකු පත්කර ගැනීම සඳහා සාමාජික රටවල් 51ක් ඊයේ ඡන්දය ප්රකාශ කළේය. නිලවරණය සඳහා අපෙක්ෂකයන් 11 දෙනෙකු තරග කළේය. ඊයේ පැවැති ඡන්ද විමසීමේදී ප්රසාද් කාරියවසම් මහතා තෙවැනි ස්ථානයට වැඩියෙන්ම ඡන්දය ලබාගත් පුද්ගලයාද විය. නව කමිටු සාමාජිකයන් 2018 සිට 2021 දක්වා පත්වීය.