ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ප්‍රංශයට ගොස් බොදුබලසේනාව සම්බන්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකර එහි වෙසෙන ශ්‍රී ලාංකිකයන් නොමග යවා ඇතැයි එම සංවිධානයේ විධායක අධ්යක්ෂ කථිකාචාර්ය දිලන්ත විතානගේ මහතා අද (04දා) පැවසීය.
මහින්ද රාජපක්ෂ මහතාට බලයට ඒමට ඇති අවස්ථාව නැති කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඥානසාර හිමියන්ට මුදල් ලබාදී ඇතැයි ඔහු එහිදී ප්‍රකාශ කර තිබෙන බව විතානගේ මහතා කීවේය.
බොදුබලසේනා සංවිධාන ලේකම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී දිලන්ත විතානගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කරුණ ගැන සාකච්ඡා කිරීමට ප්‍රසිද්ධ වේදිකාවක විවාදයකට පැමිණෙන්නැයි තමන් ප්‍රසන්න රණතුංග මහතාට අභියෝග කරන බවයි.