බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (03දා) සඳහන් කරයි.
මීට අමතරව නැගෙනහිර, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මුලතිවු හා වව්නියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන පස්වරු 02.00 පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව පවසයි.
විශේෂයෙන් දකුණු පළාතතුල විටින් විට හමන සුළං තත්ත්වය පැ.කි.මී. 50දක්වා ඉහළ යාහැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.
මේ අතර වැසි සමඟ තද සුළං සහ අකුණු ඇති විය හැකි බවත් ඒ පිලිබඳ විමසිල්ලෙන් පසුවන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.