පළාත් කිහිපයකට වැසි හෝ ගිගුරුම් සහිත වැසි
දිවයිනේ බස්නාහිර, වයඹ, දකුණ, මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම, උතුරු මැද පළාතේ මඳ වැසි ඇති විය හැකි බවත්, ඌව සහ නැගෙනහිර පළාත්වල, විශේෂයෙන්ම සවස 2.00න් පසු ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් කියයි.
තවද, දිවයින හරහා, විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වල, විටින් විට හමන තද සුළං බලාපොරොත්තු විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
එමෙන්ම, ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය සලකා බැලීමේදී, මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා ගාල්ල දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත්, නැගෙනහිර මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවිය හැකි බවත් එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.
මීට අමතරව, සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 40 ක් පමණ වන බවද පවසයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

