පෙර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ ව්‍යාපාර කටයුතු සීමා කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් නිකුත් කළ මාර්ගෝපදේශමාලා අවලංගු කරන ලෙස ඉල්ලා එම ගොන කුළ පෙත්සමක් අභියාචනාධිකරණය අද (01දා) නිශ්ප්‍රභ කළේය.
අදාළ පෙත්සම අද (01දා) කැඳවූ අවස්ථාවේදී එය නිශ්ප්‍රභ කර තිබේ. පෙත්සම කැඳවූ අවස්ථාවේ විරෝධතාවක් මතු කළ නීතිපතිවරයා පෙත්සම්කාර සමාගමේ ලියාපදිංචි නාමය සම්බන්ධයෙන් දෝෂයක් පවතින බව පෙන්වා දී තිබේ.
එහිදී පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරයා පෙත්සම ඉල්ලා අස් කරගැනීමට අවසර දෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා තිබේ. ඊට විරෝධය පළ කළ රජයේ නීතීඥවරයා පෙත්සම ගාස්තුවට යටත් කොට ප්‍රතික්ෂේප කළ යුතු බව දන්වා සිටියේය. ඒ අනුව අධිකරණ ගාස්තුවක් යටතේ එය ඉවත් කිරීමට අවස්ථාව දුන්නේය.
.jpg)