පර්පචුවල් නිසා EPF පාඩු ලබලා
බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සේවක අර්ථසාධක අරමුදල පාඩු ලබා ඇතැයි පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා බැඳුම්කර කොමිසමට දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක තාක්ෂණ අධ්යක්ෂ වසන්තද අල්විස් මහතා බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දෙමින් සිටියදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මිලින්ද ගුණතිලක මහතා ඒ බව කොමිසමට දැනුම් දුන්නේය.
බැඳුම්කර වෙන්දේසිවලින් පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම වැඩිම ලාභ උපයාගනිද්දී සුළු ලාභයක් පෑන් ඒෂියා බැංකුව උපයාගෙන ඇති බවද මිලින්ද ගුණතිලක මහතා කොමිසම හමුවේ පෙන්වා දුන්නේය.
මෙම කොමිසම ස්ථාපනය කිරීමට හේතු වූ 2015 පෙබරවාරි මස 27 වැනිදා බැඳුම්කර ගනුදෙනුවලට අදාළව ලංසු ඉදිරිපත් කිරීම්වලට අදාළපරිගණක ගොනු පහක්ද ශ්‍රී ලංකා මහ බැංකුවේ අතිරේක තාක්ෂණ අධක්ෂක වසන්තද අල්විස් මහතා බැඳුම්කර කොමිසමට ඉදිරිපත් කළේය.
2015 පෙබරවාරි මස පළමුවැනිදාත් 2016 මාර්තු මස 31 වැනිදාත් අතර කාලයේ වත්මන් රජය යටතේ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ සොයා බැලීම සඳහා පත්කොට ඇති ජනාධිපති පරීක්ෂණ කොමිසමේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන කේ.ටී. චිත්රසිරි, ප්‍රසන්න ජයවර්ධන සහ හිටපු නියෝජ්‍ය විගණකාධිපති වේලුපිල්ලේ කන්දසාමි යන මහත්වරුන්ගෙන් සමන්විත කොමසාරිස්වරුන් හමුවේ සිදු කෙරේ.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
