කිසිඳු ආකාරයකින් වෙහෙර විහාරස්ථානවල ස්වාධීන්තවයට රජය මැදිහත් නොවන බව අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පැවැසීය. අද (04දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවැසීය.
වෙහෙර විහාරස්ථානවල ආධාර සඳහා රජය මැදිහත්වන බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වීම පිළිබඳව කනගාටුවන බවත් ඔහු සඳහන් කළේය.
එසේම විහාර හා දේවාලගම් පනත අනුව විහාරස්ථාවලට ලැබෙන මුදල් ගිණුම් ගත කිරීම පිළිබඳව මෙන්ම අහ මුදල් විනිවිද භාවයකින් පවත්වාගෙන යෑම පිළිබඳව සඳහන් කර තිබෙන බවත් ඒ සඳහා රජය දේශපාලනික වශයෙන් මැදිහත් නොවන බවත් ඔහ වැඩිදුරටත් පැවැසීය.