පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ථේරවාදී භික්ෂු කතිකාවත් ලියාපදිංචි කිරීම පිළිබඳ පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේදී වැරැදීමක් සිදුව ඇතැයි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අද පැවසීය.
ඒ පනත් කෙටුම්පත සකසා අවසන් වරට මහානාහිමිවරුන්ට ඉදිරිපත්කිරීමට නොහැකිවීම අදාළ අඩුපාඩුව බවත්, ඒහේතුවෙන් අදාළ පනත සම්පූර්ණයෙන්ම සංශෝධනය කර නැවත ඉදිරිපත්කරන බවද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපතිවරයා මේබව පැවසුවේ, අද (18දා) කොළඹ පැවැති උත්වසයකදීය. මෙම පනත වත්මන් රජය විසින් හදිසියේ ගෙන ආ පනතක් නොවන බවත් හෙතෙම අවධාරණය කළේය.
ඡායාරූප - ශමීර රාජපක්ෂ