2009.05.18 දින සිට 2016.12.31 දින දක්වා ආධුනික කාලය තුලදී ශ්රී ලංකාව පොලීසියේ නිල අවසරයක් නොමැතිව විවාහවීම හේතුවෙන් පත්වීම් අවලංගු කරනු ලැබූ ආධුනික පොලිස් නිලධාරීන් 149දෙනෙකු නැවත සේවයේ පිහිටුවීමට තීරණය කර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ඉහත කාලය තුළ පත්වීම අවලංගු කරනු ලැබූ ආධුනික පොලිස් නිලධාරීන් පහත් කොන්දේසිවලට යටත්ව නැවත සේවයට එක්වීමට එකඟ වන බවට දිවුරුම් ප්රකාශයක් ලබන මස (25) දිනට පෙර පහත ලිපිනයට තැපැල් මඟින් ලැබීමට එවිය යුතු බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි.
අධ්යක්ෂ,
විනය හා කල්ක්රියා කොට්ඨාශය,
පොලිස් මූලස්ථානය,
කොළඹ 01.