පක්ෂ 95ක් නව ලියාපදිංචිය සඳහා අයදුම්පත් යොමු කර තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අයදුම්පත්වලින් සියලුම කටයුතු සම්පූර්ණ කළ පක්ෂ 92ක් තිබෙන බවත් අයදුම්පත් 03ක් ඉවත් කර තිබෙන බවද එම කොමිසමේ සභාපති මහින්ද දේශප්රිය මහතා සඳහන් කළේය.
මේ අනුව ඉදිරි පරීක්ෂණවලින් පසු අදාළ ලියාපදිංචිය ලබාදෙන බවද පවසා සිටියේය. මේවනවිට පිළිගත් දේශපාලන පක්ෂ 64ක් ලියාපදිංචි වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.