නොරොච්චෝලේ විදුලි බලාගාරයෙන් පරිසරයට සිදුවන බලපෑම පිළිබද එම ප්‍රදේශවාසීන් ඉදිරිපත් කරන අදහස් හා යෝජනා පිළිබද සොයා බැලීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පියවර ගෙන ඇත.
ධීවර හා ගොවි ප්‍රජාව, පරිසරවේදීන්, ලංකා විදුලිබල මණ්ඩලය, මධ්‍යම පරිසර අධිකාරිය, වයඹ පළාත් පරිසර අධිකාරිය, වෙරළ සංරක්ෂණ හා පරිසර පදනම යන ආයතන වල නියෝජිතයින්ගෙන් සැදුම්ලත් නියෝජිත කමිටුවක් සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා වට දෙකක් පැවැත්වූ බව මහජන උපයෝගීතා කොමිසම නිවේදනයකින් පවසයි.
කමිටුව ලබන මාසයේ නැවත රැස්වී එහි වාර්තාව ශ්‍රේෂ්ඨාධිකරණයේ විභාග වන මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයක් සඳහා ඉදිරිපත් කිරීමට නියමිත ය.