ඉල්ලීම් 05ක් මුල් කරගනිමින් අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නුගේගොඩ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේ පවත්වන විරෝධතා රැලිය මේ වනවිට ආරම්භ වී තිබේ.
ස්ථාන 03කින් ආරම්භ වූ පෙළපාළිවලින් පැමිණි විශ්වවිද්‍යාල හා වෛද්‍ය පීඨ ශිෂ්‍ය ශිෂ්‍යාවන් විසින් මෙම රැලිය පවත්වනු ලබයි.
මෙහිදී සයිටම් ආයතනය වසා දමා ශිෂ්‍ය මර්දනය නවතා දැමීම, රාජ්‍ය ආයතන විකුණා දැමීමට එරෙහිව හා විශ්‍රාම වැටුප් මංකොල්ලය නවතා දැමීම, එට්කා ගිවිසුම අවලංගු කිරීම යන කාරණා මුල්කරගනිමින් මෙම විරෝධතාව පැවැත්වේ.