තහනම් දැල් යොදාගනිමින් නීතිවිරෝධී ලෙස ධීවර කටයුතුවල නිරතව සිටි ලාංකික ධීවරයන් 09 දෙනෙකු ඊයේ (26දා) වෙඩිතලතිව් මුහුදු ප්රදේශයේදී උතුරු මැද නාවික විධානයට අනුයුක්ත නාවිකයන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී ධීවර කටයුතු සඳහා යොදාගත් කුඩා යාත්රා (වල්ලම්) 03ක්, තහනම් දැල් 05ක් සහ අල්ලන ලද මසුන් කිලෝග්රෑම් 111ක්ද අත්අඩංගුවට ගෙන තිබේ.
එම පුද්ගලයන්, ධීවර ආම්පන්න සහ මසුන් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා මන්නාරම ධීවර පරීක්ෂක කාර්යාල වෙත බාරදී තිබේ.