නීතිවිරෝධීව මෙරටට ගෙන ආ භාණ්ඩ තොගයක් රාජසන්තක කෙරේ
විදේශීය නිෂ්පාදිත ස්වර්ණාභරණ, දුම්වැටි සහ මත්පැන් තොගයක් නීතිවිරෝධීව ශ්‍රී ලංකාවට රැගෙන පැමිණෙමින් සිටි පුද්ගලයෙකු අද (11දා) අලුයම කටුනායක ගුවන්තොටුපොළදී රේගුව විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය.
සැකකරු කැකිරාව ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි අයෙකි. ඔහු සිංගප්පූරුවේ සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. - 349 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
ඔහු රැගෙන ආ ගමන් මලු පරීක්ෂා කිරීමේදී ග්‍රෑම් 150ක් බර ස්වර්ණාභරණ තොගයක්, විදේශීය නිෂ්පාදිත දුම්වැටි කාටූන් 18ක් සහ විදේශීය මත්පැන් බෝතල් 06ක්ද එහි සඟවා ගෙන තිබී අත්අඩංගුවට ගෙන තිබිණි .
ඒ අනුව අත්අඩංගුවට ගත් භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් 957,450ක් බව රේගුව පවසයි.
මෙම අත්අඩංගුවට ගැනීම සහකාර රේගු අධිකාරීවරුන් වන එන්.එන්. නිලංක, පී.බී. අමරසිංහ, ටී.ඩී.සී.එල්. තන්තිරිවත්ත සහ එන්.එස්.කේ. ද සිල්වා යන මහත්වරුන් විසින් සිදුකර තිබේ.
මේ පිළිබඳව වැඩිදුරට රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්යක්ෂ දර්ශන සිල්වා මහතා විසින් පවත්වන ලදී. එහිදී ඔහු රැගෙන ආ භාණ්ඩ තොගය රාජසන්තක කළ අතර, සැකකරුට රුපියල් 100,000 දඩ මුදලක් ගෙවන ලෙසද නියෝග කෙරිණි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

