මැරතන් ධාවන ශූරී නිලූකා ගීතානි මහත්මිය නියමිත පරිසාධන මට්ටම සකස් කරගන්නා තෙක් විදේශ සංචාර ලබාදිය නොහැකි බව ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඇය විසින් සමාජ ජාලා මාධ්‍යවලට වීඩියෝ පටයක් එක්කර අසත්‍ය කරුණු සඳහන් කර තිබෙන බවත්, තමන්ට මඩ ගැසීමෙන් සිදුවනුයේ නිලූකාට තිබෙන අවස්ථාව අහිමි වීම පමණක් බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ක්‍රීඩා අමාත්‍යාංශය පසුගිය ජූලි මාසය දක්වා ඇයට රුපියල් 60,000ක වැටුපක් ගෙවා තිබෙන බවත්, ඇය නියමිත පරිසාධන මට්ටමට ළඟා වී නැතැයි මළල ක්‍රීඩා සංගමය දන්වා ඇති බැවින් සංචිතයට එක්කර ගත නොහැකි බවත් හෙතෙම පවසා සිටියේය.
ගීතානි මහත්මියගේ පුහුණුකරු ලෙස කටයුතු කරන ඇයගේ ස්වාමි පුරුෂයා සමග පසුගිය සතියේදී පැමිණ තමන් හමුවූ බවත්, එහිදී තමන් කරුණු පැහැදිලි කර දුන් බවත් පැවසූ දයාසිරි ජයසේකර මහතා, වැඩිදුරටත් සඳහන් කළේ ඇයවෙනත් පුහුණුකරුවෙකු සමග ඇතිකර ගත් ප්‍රශ්නයක් හේතුවෙන් තමන් සමග විරසකරයක් ඇතිකර ගෙන ඇති බවයි.