අයහපත් කාලගුණයෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා සහනාධාර රැගත් පාකිස්තානු නාවික හමුදාවට අයත් සුල්ෆිකර් නෞකාව අද (30දා) සවස කොළඹ වරායට සේන්දු විය.
නෞකාවේ අණදෙන නිලධාරී වශයෙන් කපිතාන්, ෆයිසාල් ජාවිඩ් මහතා කටයුතු කරනු ලබන අතර, එහි නැව් මුළුව නිලධාරීන් 46 දෙනෙකුගෙන් සහ නාවිකයන් 241 දෙනෙකුගෙන් සමන්විත වේ.
ආපදා සහන සැළසීම සඳහා වෛද්‍ය කණ්ඩායම් 3 ක්ද නෞකාව සමග පැමිණ ඇත. වියළි ආහාර ද්‍රව්‍ය, පානීය ජල බෝතල් සහ ඖෂධ වර්ග විශාල ප්‍රමාණයක් නෞකාව මගින් දිවයිනට රැගෙන එන ලදී.