නාවික හමුදාපති, වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අද (11දා) ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් කාර්යාලයේදී නව ආරක්ෂක ලේකම්, කපිල වෛද්‍යරත්න මහතා හමුවිය.
එහිදී නාවික හමුදාපතිවරයා විසින් නව ආරක්ෂක ලේකම්වරයාට සිය සුභාශිංසන එක් කරන ලදී.
ඉන් අනතුරුව, ඔවුහු ද්විපාර්ශ්වික වශයෙන් වැදගත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සුහද කතාබහක නිරත වූහ. ජාතික ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී නාවික හමුදාව සතු කාර්යභාරය පිළිබඳවද ඔවුහු එහිදී අදහස් හුවමාරු කර ගත්හ.
මෙම නිල හමුව සනිටුහන් කරමින් නාවික හමුදාපතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදුවිය.