නාටාමිවරුන් 1500කට ජීවිත රක්ෂණාවරණයක් ලබාදීමට කටයුතු කරන බව බස්නාහිර හා මහානගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඔවුන්ගේ පවුල් සඳහා යම්කිසි කාලයක් ඇතුළත රැකවරණයක් මෙන්ම නඩත්තුමුදලක්ලෙස රක්ෂණ ක්‍රමය ක්‍රියාවට නංවන බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
මීට අමතරව ජාතික හෙළ උරුමය විසින්ද ප්‍රථම වතාවට මැයි රැලියක් සංවිධානය කරන බවත්, පිටකොටුව ප්‍රදේශයේ නාටාමි ජනතාව හා කසළශෝධනයේයෙදෙන ජනතාව සමග එකට එක්ව එය පවත්වන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
කොළඹදී ඊයේ (27දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.