මුලතිව් දිස්ත්‍රික්කයට මේ දිනවල බලපා ඇති දැඩි වියළි කාලගුණය හේතුවෙන් නන්දිකඩාල් කලපුව ඇතුළු කුඩා කලපු සිඳීයෑමත් සමග කලපු ආශ්රිත ධීවර කර්මාන්තයේ යෙදුණු ධීවර පවුල් 4800ක් පමණ පීඩාවන්ට පත්ව සිටින බවට එම ධීවරයෝ පවසති.
වෙනත් වසරවලට වඩා මෙවර නන්දිකඩාල් කලපුවේ එක් පැත්තක් සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති අතර, කලපුවේ ඉතිරි ජල මට්ටමද ශීඝ්‍රයෙන් සිඳීයමින් පවතන බවත්, නන්දිකඩාල් කලපුව අවට පිහිටි කුඩා කලපු කිහිපයක්ද සම්පූර්ණයෙන්ම සිඳීගොස් ඇති බවත් ඔවුහු පවසා සිටිති.
පසුගිය දිනයන්හි නන්දිකඩාල් කලපුවේ මසුන් දහස් ගණණක් මියගියේද අධික පෑවිල්ලත් සමග කලපුවේ ජලය උණුසුම් වීම නිසා බවත්, මසුන් විශාල ප්‍රමාණයක් එකවර මියයෑම නිසා සිය මත්ස්‍ය කර්මාන්තයට දැඩි බලපෑමක් එල්ල වූ බවත් එම ධීවරයෝ පවසති.