ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව සභාපති ලෙස නාවික කටයුතු පිළිබද පෘථුල පළපුරුද්දක් හා විශේශඥ දැනුමකින් යුත් ප්‍රවීණයෙකු වන ආචාර්ය පරාක්‍රම දිසානායක මහතා පත්කිරීමට වරාය හා නාවික අමාත්‍යාංශය කටයුතු කර තිබේ.
වරාය හා නාවික අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා මෙම නව පත්කිරීම සිදුකළ අතර ඒ අනුව හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතා විසින් පත්කළ ඔහුගේ සහෝදරයා වන ධම්මික රණතුංග මහතා එම ධුරයෙන් ඉවත් කරනු ඇත.
එයිට්කන් ස්පෙන්ස් නාවික සමාගමේ සභාපති හා ප්‍රධාන විධායක නිළධාරී ලෙසද පරාක්‍රම දිසානායක මහතා කටයුතු කරයි. එසේම ඔහු වරාය අධිකාරියේ හිටපු සභාපති මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියෙකු වෙයි.