දෝෂාභියෝග ගෙනාවේ එජාපයට වාසියටයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීම සඳහා ගෙන ආ විශ්වාසභංග යෝජනාව නිසා ප්‍රතිවාදී කණ්ඩායමට වාසි අත්වී තිබෙන බව පළාත් සභා හාපළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා සඳහන් කළේය.
දෝෂාභියෝගය ගෙන ඒමේ මූලිකම අරමුණ වී තිබෙන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කර දැමීම බවත්, එසේ නොමැතිව ගණන් දන්නා කිසිවෙකුත් මේ අවස්ථාවේදී ආණ්ඩුවට එරෙහිව දෝෂාභියෝග ගෙන ඒමට කටයුතු නොකරන බවත් ඔහු පවසා සිටියේය.
දෝෂාභියෝගය ගෙන ඒමට පෙර සිටම එය පරදින බව දැනගෙන සිටි බවත්, මේ නිසා දෝෂාභියෝගය ගෙන ආ කල්ලිය දැන දැනම එක්සත් ජාතික පක්ෂයට වාසියක් අත්කර දුන්නාදැයි ප්‍රශ්නයක් ඇති වී තිබෙන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
අද (13දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ දේශපාලන වාසි ගැනීමට මෙවැනි දේ සිදුකළද රට තුළ තිබෙන්නේ ප්‍රධාන පක්ෂ දෙකක් පමණක් බවයි. තුන්වැනි බලවේගයකට ඒ තුළ ඉඩක් නැතැයිද ඔහු සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

