යම් සිදුවීමක් රටතුළ සිදුවූ විට ඒ පිළිබඳව දේශපාලඥයින් විවිධ අර්ථකතන දීමට යාම නිසා රටේ ජනතාව භීතියට පත්වන බව නීතිය හා සාමය, දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා සඳහන් කළේය.
දේශපාලනඥයින් දේශපාලනය කිරීම සඳහා රටතුෙළ සිදුවන සිදුවීම් යොදා ගැනීම නිසා ශ්‍රී ලාංකිකයින් බියට පත්වීමට අමතරව ආයෝජකයින් විදේශ සංචාරකයින්ද බියට පත්වන බවද පවසා සිටියේය.
මේ නිසා දේශපාලනය කිරීමට අවශ්‍ය නම් ගම්වලට ගොස් සාමාජිකයින් සමඟ දේශපාලනය කරණ ලෙසත් එහෙත් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් දේශපාලනය නොකරන ලෙසද අමාත්‍යවරයා ඉල්ලා සිටීය.