දෙහිවල සත්ත්වෝද්‍යානයේ කූඩු කර ඇති සතුන් නිදහස් කර එම සතුන්ටනිදහසේ සැරිසැරීමට අවස්ථාව ලබාදෙන බව වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා පැවසීය. ඊයේ (24දා) පින්නවලදී පැවති උත්සවයකදී ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
"මේ අනුව සතුන්ට නිදහසේ වාසය කිරීමට අවස්ථාව ලබාදෙමින් එම සතුන් නැරඹීමට ජනතාවට අවස්ථාව ලබාදීමට කටයුතු යොදනවා. එම වැඩපිළිවෙළ දෙසැම්බර් මස පළමු සතිය තුළදී අවසන් කිරීමටද බලාපොරොත්තුවනවා." යැයිද පවසා සිටියේය.
සමන් විජය බණ්ඩාර