අද (22දා) අලුයම දෙමටගොඩදී මෝටර් රථයක් එක් වරම ගිනි ගැනීමෙන් එම මෝටර් රථය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බව පොලීසිය කියයි.
දෙමටගොඩපාර, ශාන්ත අන්තෝනි මාවතේදී මෙම ගින්න ඇතිව තිබේ. මාර්ගයේ ගමන් කරමින් තිබූ මෝටර් රථයක් ගිනිගෙන ඇති අතර එයට හේතුව කාර්මික දෝෂයක් බව පොලීසිය කියයි.
මෝටර් රථයේ ගින්න ඇතිවීමත් සමග ඒ ආසන්නයේ තිබූ තවත් මෝටර් රථයක්හා වෑන් රථයකට ගින්න පැතිරී තිබේ. එයින් එම වාහනවලටද අලාභ හානි සිදුව තිබේ. සිද්ධියෙන් ජීවිත හානා හා තුවාල වීම් කිසිවක් සිදු නොවී ඇත. ගින්නෙන් සිදුවූ අලාභය මෙතෙක් ගණනය කර නොමැත.