දූෂණ චෝදනාවලට ලක්ව සිටින, අනූෂ පැල්පිට මහතා ධුරයෙන් ඉවත් කිරීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය අගය කරන බව මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසයි.
නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යවරයා පවසන්නේ, නිර්භය ලෙස මෙවැනි තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් රාජ්‍ය සේවා කොමිසන් සභාව සමස්ත රටටම දී ඇති පණිවිඩය යහපාලන රජයේ විනිවිදභාවය හා දූෂණයෙන් තොර රාජ්‍ය පාලනයක් සඳහා ගමන් මඟ විශද කරන බවයි.
මෙම පියවර ගත යුතුව තිබුණේ මීට පෙර ඔහුට එරෙහිව චෝදනා එල්ල වූ මුල් අවස්ථාවේදී බවද පෙන්වාදෙන මුදල් අමාත්‍යවරයා, තවදුරටත් රාජ්‍ය සේවයේ මෙවැනි දූෂණ චෝදනාවලට ලක්ව ඇති නිලධාරීන් ඇත්නම් ඔවුන් සම්බන්ධයෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව නිසි පියවරක් ගන්නා අතරම, එය පාරදෘෂ්‍යභාවයෙන් යුතුව ක්‍රියාවට නංවනු ඇති බව, රජය මෙන් ම සමස්ත ජනතාවගේ ඒකායන ප්‍රාර්ථනය බවද කියයි.