දූපත් රාජ්ය 27 ක් අතරින් අනාගතයේ වඩාත් ශක්තිමත්ම ආර්ථිකයක් ගොඩ නගා ගත හැකි සාධක පවතින රට බවට ශ්රී ලංකාව පත්ව තිබේ. දූපත් ආර්ථික රාජ්ය 27 ආර්ථීකයන් අළලා එක්සත් රාජධානියේ FDI සගරාව විසින් සිදුකරන ලද ගවේෂණයකදී මේ බව හෙළිව තිබේ.
ශ්රී ලංකාවේ ආයෝජන අවස්ථා ලොවට පෙන්වීම සඳහා ශ්රී ලංකා ආයෝජන සහ ව්යාපාරික සමුළුව ඊයේ (30දා) කොළඹදී ආරම්භ වූ අවස්ථාවේදී මේ බව ප්රකාශ කෙරිණි.
මෙම සමුළුවේදී ශක්තිමත්ම ආර්ථිකයක් බවට ශ්රී ලංකාව පත්වන බවට වන සහතිකය FDI සරාවේ උප කර්තෘ ජැකෝපෝ ඩිටෝනී මහතා විසින් ජනපති මෛත්රීපාල සිරිසේන මහතාට පිරිනමා තිබේ.