වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්රී දුමින්ද සිල්වා මහතාට එරෙහිව නඩු දෙකක් පැවැරීමට කටයුතු කළ බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කියයි. 2013/3/31 හා 2014/3/31 දිනයන්ට අදාළව වත්කම් බැරකම් ප්රකාශ ඉදිරිපත් නොකිරීමට එරෙහිව කොළඹ මහේස්ත්රාත් අධිකරණයේදී හිටපු මන්ත්රීවරයාට එරෙහිව අද (28දා) නඩු පවරා තිබේ.