බඳවා ගැනීම විධිමත් කරන ලෙස ඉල්ලා දුම්රිය ඉංජින් රියදුරු සහයකයින් මේ වනවිට සේවයෙන් ඉවත්ව සිටින බව ලෝකෝමෝට්වි සහයක සංගමය සඳහන් කරයි.
මෙම ගැටලුව විසඳන තුරු අඛණ්ඩව වර්ජනය සිදුකරන දුම්රිය ඉංජින් සහයකවරුන් නොමැතිව දුම්රිය ධාවනය කිරීමට කටයුතු කළ හොත් එය මගීන්ගේ ජීවිත අනතුරකට හෙළීමක් බවද එම සංගමයේ උප ලේකම් ධනුෂ්ක පෙරේරා මහතා සඳහන් කළේය.
දුම්රිය ඉංජිනේරු රියදුරු සහයකයින් නොමැතිව දුම්රිය ධාවනය කිරීමට නොහැකි බවද පවසා සිටියේය.