කොළඹ කොටුව එස් 09 ධාවනාගාරයේ අධීක්ෂණ නිලධාරීවරයාගේ ස්ථාන මාරුව අවලංගු කරන ලෙස ඉල්ලා එම ධාවනාගාරයේ සේවකයින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.මේ නිසා දුම්රිය ධාවනයට දැඩි බාධා එල්ල වී තිබේ.
කිසිඳු හේතුවක් නොමැතිව අධීක්ෂණ කළමනාකරු වෙනත් ස්ථානයකට මාරු කර යවා තිබෙන බවත් මෙය නීති විරෝධී ක්රියාවක් බවත් සේවකයෝ පවසති.